ඊළඟ අගමැති හදන්න පිවිතුරු හෙටක් සූදානම් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

ඊළඟ අගමැති හදන්න පිවිතුරු හෙටක් සූදානම් වෙයි

ජන බලවේග ඒකරාශී කරමින් රටේ අනාගත අගමැතිවරයා බිහි කිරීමට පිවිතුරු හෙටක් ජාතික සභාව සූදානම් යැයි එහි සභාපති අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

අනාගත ආණ්ඩුවක් බිහිවීම සඳහා ජනතාවට නිවැරදි මග කීම පිණිස විශාල ජන බලවේග ඒකරාශී කරමින් සන්ධාන හෝ පෙරමුණු පිහිටුවමින් ජනතා එකමුතු සෑදීමට එම සභාව ඉදිරිපත්වන බව රතන හිමියෝ ප්‍රකාශ කළහ. ඒ ඊයේ (06) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය, ආනන්ද සංගරී මහතා නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප පෙරමුණ, මාර්තු 12 ප්‍රකාශය, ජාතික හෙළ උරුමය ඇතුළු වෘත්තීය සංගම් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත් විය. 

එළැඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා දැරිය යුතු බවත්, නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ දී හොරුන්, කුඩු ව්‍යාපාරිකයන්, එතනෝල් ජාවාරම්කරුවන්ට අවස්ථා ලබානොදීමට ඔහු ක්‍රියාකළ යුතු බවත් රතන හිමියෝ අවධාරණය කළහ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් කර නව ජනතා බලවේග හා පක්ෂ ඒකරාශී කරමින් ජනතා නියෝජිතයන් පත් කිරීමට ක්‍රියාකළ යුතු අතර, පාර්ලිමේන්තුවට නුසුදුස්සන් පත්වීමට ඇති ඉඩ වළකන 20 වැනි සංශෝධනය සම්මත නොකිරීමේ වරද කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ද රතන හිමියෝ එහි දී පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad