අභිනව අස්ගිරි මහ නාහිමියන්ට ජනපති අතින් සන්නස් පත්‍ර පිළිගැන්වයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

අභිනව අස්ගිරි මහ නාහිමියන්ට ජනපති අතින් සන්නස් පත්‍ර පිළිගැන්වයි 

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්විණි.

පෙර රජ සමයේ සිට පැවති චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිවරයා විසින් අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීය. 

එමෙන්ම අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙක සදහා අභිනවයෙන් පත්වූ ඓතිහාසික බදුලූ මුතියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි යන අනුනායක හිමිවරුන් දෙනමට අක්ත පත්‍ර පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරිය මහතා ඇතුලූ මැති ඇමතිවරුන්ද, ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුලු බස්නායක නිළමේවරුන්ද දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක්ද මෙම මහෝත්සවයට එක්ව සිටියහ. 

ඊට ප්‍රථම අස්ගිරි මහා විහාරයේදී ජනාධිපතිවරයා විසින් අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්විය.

No comments:

Post a Comment

Post Bottom Ad