ඒ හිටපු ලොක්කගෙන් තනතුරැ ගත්ත පළාත් සභා ලොක්ක කියලයි ආරංචි. මේ ගැන ඒ තරම් තැකීමක් නොකරපු හිටපු ලොක්ක උත්සව සභාව අමතල නෙළුම් මල් අරගෙන මාලිගාව ඇතුළට ගියා මල් පූජා කරන්න.
මෙන්න බොලේ එතකොට මාලිගාව පිටිපස්සෙ හොර පාරකින් පළාත් සභා ලොක්ක වටපිට බල බල හොරෙන්ම එතෙන්ට ආවලු. මේක හිටපු ජනපතිත් ඇස් දෙකෙන්ම දැක්ක හින්ද උන්නැහේ පළාත් ලොක්ක නොදැක්ක වගේ හිටියලු.
ඉතින් වැඩේ අප්සෙට් බව දැනගත් පළාත් ලොක්ක රාජපක්ෂ උන්නැහැ ළඟට ගිහින් ආයිබෝවන් සර් මම පොඩ්ඩක් පමාවුණා කිව්වට හිටපු ලොක්ක ඇත්ත දැනගෙන කටකොණකින් හිනාවුණාලු.
කොහොමහරි හිටපු ලොක්ක ළඟ ආසයි බයයි ප්‍රතිපත්තිය අනුව චුට්ටක් කැරකුණ පළාත් සභා බොස් වැඩේ අප්සෙට් නිසා ආපු හොර පාරෙන්ම දුවල ගිහින් වාහනේට නැගල ගියා කියල තතුදත් අය කියනව.

No comments:
Post a Comment