ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට අද සිට (04) නව එන්නතක් එක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි.
ඒ අනුව විදින අජීවි පෝලියෝ එන්නත Injectable Inactivated Polio Vaccine අද සිට ශ්‍රී ලංකාවේ ළදරුවන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. මෙතෙක් මෙම එන්නත ලබා දෙන ලද්දේ මුඛ එන්නතක් Oral Vaccine වශයෙනි. ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මේ වනවිට 100%කි.
එය සමස්ත ආසියාවේ මෙන්ම සංවර්ධිත රටවල ලබා ඇති සාර්ථකත්වයට සමානුපාතික වේ. ජාතික ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය යටතේ ලබා දෙන එන්නත්වල සාර්ථකත්වය හේතුවෙන් පසුගිය දශකය තුළ ශ‍්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතය සජීවි දරු උපත් 1000 කට 09ක් දක්වා ද, මාතෘ මරණ අනුපාතය දරු උපත් 100,000 කට 31 දක්වා පහත වැටී සංවර්ධිත රටවල මට්ටමට පැමිණ තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමස්ත ආයු අපේක්ෂාව ඉහළ යාමට ද ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ බලපා ඇත. ඒ යටතේ මෙරට කාන්තාවන්ගේ ආයු කාලය වසර 78 දක්වාත්, පුරුෂයන්ගේ ආයු කාලය 74 දක්වාත් ඉහළ ගොස් තිබේ.

No comments:
Post a Comment