හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය අද දවසේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. ඇගේ ස්වාමි පුරුෂයා බවට පත්වන හිරාන් යටෝවිට ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ දෙනුවන් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ චරිතයක්.
හිරාන් යටෝවිට දැනට කෙටි කලකට පෙර පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී නිර්මාණ මගින් ලිංගිකත්වය උලුප්පා දැක්වීම සම්බන්ධයෙන් තම අදහස පළ කර තිබුණා.
බොහෝ දෙනෙක්ගේ අවදානය දිනා ගත එම ලිපිය පහතින් කියවිය හැකියි.
චිත්‍රපටවලට ලැබෙන ආරාධනා විතරද හිරාන් භාරගන්නෙ?
එහෙම නෑ. මම ගොඩක්ම කැමැති චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්න. ටෙලි නාට්‍යවලින් හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නවා. හැබැයි මම මුල්තැන දෙන්නේ සිනමාවට.
වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ඔබට තියෙනවද?
මම හිතනවා මට හොඳ පෙනුමක් තියෙනවා කියලා. දුෂ්ටයාගේ චරිතය වගේම ආදරණීය බොළඳ ප්‍රේමවන්තයාගේ චරිත, සීනිබෝල චරිත මට කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම මේ ක්‍ෂේත්‍රයට තවම අලුත්. මම හිතන්නෙ මට ලැබෙන හැම චරිතයක්ම අභියෝගයක් කියලා. ඒ අභියෝග ජයගන්න හැකියාව මට තියෙනවා. ඒ නිසා වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක් වෙන්න සුදුසුකම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක ප්‍රධාන චරිතයට කතාකළොත් ඔබ භාරගන්නවද?
ඕනවට වඩා ලිංගිකත්වය පෙන්වන්න හදනව නම් මම ඒ චිත්‍රපටය ප්‍රතික්‍ෂේප කරනවා. ලංකාවේ සංස්කෘතියත් එක්ක ඒ වගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වුණොත් ප්‍රශ්න ඇතිවෙනවා. හොඳ සම්භාව්‍ය චිත්‍රපටයක් ලැබුණොත් භාරගන්නවා.
සම්භාව්‍යයි කියන ඇතැම් චිත්‍රපටවලට ලිංගිකත්වය යොදාගන්නෙ වාණිජ පරමාර්ථයෙන් කීවොත්?
එවැනි දර්ශන ඇතුළත් කරන්නේ වාණිජ පරමාර්ථයෙන් වෙන්න පුළුවන්. අද චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ වාණිජ පරමාර්ථයෙන් නෙවෙයි කීවොත් ඒක බොරුවක්. රංගන ශිල්පීන් විදියට අපිත් මුදලක් අයකරනවා. අද ලෝකේ හැමදේම වාණිජකරණය වෙලා. මුදල් ඉපැයීමේ අරමුණින් වුණත් හොඳ චිත්‍රපට නිෂ්පාදනය වෙනව නම් ඒක සිනමාවට ලොකු පිටිවහලක්.
රංගනය ගැන විශේෂ හැදෑරීමක් කරනවද?
ඔව්. ධර්මසිරි බණ්ඩාරනායක මහතා සහ අනෝජා වීරසිංහ මහත්මිය යටතේ රංගනය ගැන ඉගෙන ගන්නවා. අදටත් මම රංගනය ගැන හදාරනවා. මොකද අපි හැමදේකින්ම පරිපූර්ණ නෑ. මම වුණත් රංගනය ගැන දන්නෙ ටිකයි. ඒ නිසා මැරෙනකම්ම ඉගෙන ගන්න තියෙනවා.
රංගන ක්‍ෂේත්‍රයට එන්න අපහසු නිසාද මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රය තෝරගත්තෙ?
මම පොඩි කාලේ ඉඳන්ම මෝස්තර නිරූපණ ශිල්පියෙක් වෙන්න හීන මැව්වා. ඒ වගේම රංගන ශිල්පියෙක් වෙන එක තව හීනයක්. එහෙම නැතුව රංගනයට එන්න අපහසු නිසා නෙමේ නිරූපණ ශිල්පියෙක් වෙන්නේ. අද මට ඒ ක්‍ෂේත්‍ර දෙකම නියෝජනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තට ඒ ගැන සතුටුයි.
නිරූපණ ක්‍ෂේත්‍රය අපේ රටේ පවතින්නේ තාරුණ්‍යයත් එක්ක?
ඒ දේ අපේ රටේ විතරයි එහෙම තියෙන්නේ. විදෙස් රටවල එහෙම නෑ. ඒක ලංකාවෙන් හදපු මතයක්. අපි ඒ මතය අනාගතයේ දී වෙනස් කරනවා.
රංගන ක්‍ෂේත්‍රයට වගේම නිරූපණ ක්‍ෂේත්‍රයට එකතුවන පිරිස දවසින් දවස වැඩිවෙනවා?
ඔව්. අද පඳුරකට ගැහැව්වොත් නිරූපණ ශිල්පියෝ ඕන තරම් ඉන්නවා. මේ ක්‍ෂේත්‍රවලට අලුත් අය එකතු වෙන එක හොඳයි. ඒත් අපි කරන දේ ගැන අපි නිවැරදිව ඉගෙන ගන්න ඕන. පොඩි දෙයක් කළා කියලා මේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න බෑ. තමන්ගේ දක්ෂතාව වගේම හැකියාව දියුණු කරගන්නව නම් ලොකු ගමනක් යන්න පුළුවන්. ඒත් කනගාටුයි කියන්න පොඩි නිරූපණයක් කරලා වෙන මාර්ගවලට යොමු වෙනවා. එතකොට මේ ක්‍ෂේත්‍රය දිහා ගොඩක් අය බලන්නේ වපර ඇහින්.
රංගනය, නිරූපණයට අමතරව ඔබ නිවේදනයටත් යොමුවෙලා තියෙනවා. කොහොමද මේ සියල්ල කළමනාකරණය කරගන්නෙ?
මට පුළුවන් ප්‍රමාණයකට විතරයි මම වැඩ භාරගන්නෙ. නිවේදන කටයුතු දවස් පහේම නෑ. නිරූපණ අවස්ථා ලැබුණත් ඒවා දවසෙම නෑ. ඒ නිසා මට පුළුවන් මේ සියල්ල නිවැරදිව කරන්න.
නිවේදනයට අවස්ථාව ලැබෙන්නේ ජනප්‍රියත්වය නිසා කීවොත්?
එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මම හිතනවා මට හොඳ හැකියාවක් තියෙනවා කියලා. මම නිවේදනය කරන වැඩසටහනට මට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
හිරාන් පෙම්වතෙක් ද?
ඔව්. මට පෙම්වතියක් ඉන්නවා. ඇය කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නමෛයි.
කොහොමද ඇගෙන් ලැබෙන සහයෝගය?
මගේ වැඩවලට ලොකු සහයෝගයක් ඇගෙන් ලැබෙනවා.
තරුණියන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?
ඔව්. මම ජනප්‍රිය නිසා තමයි එහෙම ආකර්ෂණයක් ලැබෙන්නේ. මම සාමාන්‍ය කෙනෙක් වුණා නම් ඒ ආකර්ෂණය ලැබෙන්නේ නෑ.
Tuesday, July 7, 2015
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මනමාලයා ලිංගිකත්වය ගැන කතා කරයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment