සන්ධානයේ නාමයෝජනා ගැන ජනපති සාකච්ඡාවක - සජින්ට දුමින්දට හා මර්වින්ට නාමයෝජනා නෑ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

සන්ධානයේ නාමයෝජනා ගැන ජනපති සාකච්ඡාවක - සජින්ට දුමින්දට හා මර්වින්ට නාමයෝජනා නෑ?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ විජයරාම මාවතේ පිහිටි නිවසේදි අද (07) පෙරවරුවේ පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායමට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඊයේ (06) ශ්‍රීලනිපයේ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මහත්වරුන්ට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ පාර්ශ්වයෙන් කොන්දේසි පනවා ඇතැයි වාර්තා වේ.

එකම ලැයිස්තුවකින් දෙපාර්ශ්වය තරඟ වැදීම සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට සන්ධාන නාමයෝජනා ලැයිස්තු සකසා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරාගේ නම් ජාතික ලැයිස්තුවට ඇතුළු කිරීමට ද තීරණයක් ගෙන ඇත. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි, කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් මන්ත්‍රිනී සමන්මලී කලසූරියගේ නම් ද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළු වී නැතැයි වාර්තා වේ.

දැනට සකසා ඇති පොදු ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නම් ඇතුළත් කර නැති අතර නාමයෝජනා සකසන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනාගේ අමෙරිකා පුරවැසි භාවය අත් නොහැරීම ඊට හේතුව බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad