ඩිව්ට වාදයකට එන්නැයි රනිල්ගේ අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

ඩිව්ට වාදයකට එන්නැයි රනිල්ගේ අභියෝගයක්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට ඉදිරි පාර්ලිමේන්තුවේදී මාස 03 ක් ඇතුළත තේරීම් කාරක සභාවක් පත් කර වැඩිදුර පරික්‍ෂණ සිදුකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී අද (07) විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි.කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හදිසියේ දේශපාලන වාසි වෙනුවෙන් ඔහු මෙම සිද්ධියේදී කටයුතු කර ඇති බවට තමා චෝදනා කරන බවත් අගමැතිවරයා පැවසී ය.

බැඳුම්කර ගනුදෙනුවේදී මහබැංකු අධිපතිවරයා ක්‍රියාකර ඇති ආකාරය ගැන කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ගැන එහි සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශ හේතුවෙන් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජනතාවගේ මුදල් ආරක්ෂා කළ යුතු බවත් එසේ කළ නොහැකි නම් මෙවැනි තැන්වල සිටින යුතු නැති බවද ඔහු පෙන්වා දුන්නේය. 
පාර්ලිමේන්තුව විසුරුවා තිබියදී ඩිව් ගුණසේකර මහතා පාර්ලි‍මේන්තුවේ වාර්තාවක් තමන්ගේ ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරමින් සිදුකර ඇත්තේ ලොකු වංචාවක් බවද හැකි නම් ඒ ගැන සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා සමග වාදයකට එන්නැයි ගුණසේකර මහතාට අභියෝග කරන බවද හෙතෙම පැවසීය.

කෝප් කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට අගමැතිවරයාට යා හැකි බවත්, එය වෙනත් රටවල පවා සිදුවන සාමාන්‍ය දෙයක් බවත්, අගමැතිවරයා සඳහන් කළේය. මෙම බැඳුම්කර සිද්ධියේදී ‍කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයට තමාව කැඳවීමට හැකියාව තිබූ බවත් එම කමිටුවේ බහුතරයක් තමාව කැඳවීම සුදුසුයි යන ස්ථාවරයේ සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad