සිය නිවසේ සේවය කළ කාන්තාවකට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අද (07) ගල්කිස්ස අධිකරණයට බාර වී ඇතැයි වාර්තා වේ.
නීතීඥවරු පිරිසක් ඔහු උසාවියට ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ විනිසුරු සරත් ආබෘ මහතා අධිකරණයට බාර වන බවට තොරතුරු ලැබී ඇති බවයි.
විනිසුරු සරත් ආබෘ මහතා රහස් පොලිසියෙන් අද (07) අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බව ආරංචි මාර්ග පැවසී ය. තමා අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස සරත් ආබෘ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළේය.

No comments:
Post a Comment