හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී වෙනම පක්ෂයකින් ඡුන්දය ඉල්ලන්නට යාම පිළිබඳ විශේෂ සාකච්ඡුාවක් මේවනවිට මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ කොළඹ පිහිටි නිවසේ සිදුවන බව වාර්තා වනවා.
ඒ සඳහා මහින්දට සමීප හිටපු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටී.
එහිදී මහින්දට ඡුන්දය ඉල්ලන්නට වැඩිම වාසි අත්කරගන්නට පුළුවන් පක්ෂ නාමයක් හා ප‍්‍රදේශයක් පිළිබඳ සාකච්ඡුා කෙරෙන අතර
දිමු ජයරත්න ලේකම් ධූරය දරන මහින්ද සභාපති ධූරය දරන පුටුව ලකුණ සහිත පොදුජන එක්සත් පෙරමුණ තෝරාගන්නට කෙරුණ යෝජනාව වැඩි පිළිගැනීමකට ලක්ව ඇත.
ඊට අමතරව දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික බලය යන පක්ෂයද යොජනාවූ පක්ෂ අතර තිබෙන බව දේශපාලන ආරංචි සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ප‍්‍රදේශය හම්බන්තොට හෝ දකුණු පළාත නොවිය යුතු බවට දේශපාලන උපාය අනුව තීරණය වී ඇති අතර එම ප‍්‍රදේශ මහින්දට කොහොමත් වාසි නිසා ඔහුගේ හැකියාවන් වෙනත් පැත්තකට ගෙනයාම කෙරෙහි අවධානය යොමුවී ඇත.
ඒ අනුව මහින්දට වඩා සුදුසු රත්නපුර බවටද යෝජනාවක් සාකච්ඡුාවී ඇත. මේ අතර ගම්පහ හෝ කුරුණෑගල මහින්ද තෝරාගන්නවා නම් වඩාත් සුදුසු බවටද පිරිස අතරින් අදහස් මතුවී ඇත. කෙසේ වෙතත් මේ යෝජනා සියල්ල තවම සලකා බලන මට්ටමේ පවතින අතර අවසන් නිගමන ලබාගෙන නැත.
Friday, July 3, 2015
මහින්ද ඉල්ලන්නේ පුටුවෙන්ද? රත්නපුරින්ද?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment