මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ භාරකරු වශයෙන් නව දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කිරීමේ කටයුතු මාස තුනක් ඇතුළත සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පවසයි.
ඒ අනුව ලබන ඔක්තෝම්බර් 30ට පෙර නව දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කර ගත යුතු බවත් බෞද්ධ විහාරගම් දේවාල පනතට අනුව සියලු කටයුතු සිදු කරන බවත් ඒ මහතා පැවසීය.
මහනුවර දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේවරයාගේ නිල කාලය පසුගිය දා අවසන් වූ අතර පනතට අනුව මෙන් ම මහනායක හිමිවරුන්ගේ අනුමැතිය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා මාස තුනක කාලයක් සඳහා තාවකාලිව පත් කරනු ලැබීය.

No comments:
Post a Comment