අබෘට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයෙන් ඉවත්වන ලෙස ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

අබෘට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයෙන් ඉවත්වන ලෙස ඉල්ලීමක්

සිය නිවසේ මෙහෙකාරියට බරපතළ ලෙස පහරදීමක් සිදුකළැයි චෝදනාවට ලක්ව ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද අබෘ මහතාට අධිකරණයේ ගරුත්වය සහ කීර්තිනාමය සලකා සේවයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (02) අගවිනිසුරුවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.

මෙම විනිසුරුවරයා විනිසුරුවරයෙකු ලෙසට කිසිදු රාජකාරී කටයුත්තක් නොයොදවන ලෙසටත් ඔහුට විනිසුරු මඬුල්ලක කටයුතු කිරීමට අවසර ලබානොදෙන ලෙසටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මෙම විනිසුරුවරයා විසින් සිදුකරන ලද මේ හා සමාන ක්‍රියාකාරකම් සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවට එම සංවිධානය අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

නිවසේ සේවය කළ මෙහෙකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම වනවිට රහස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.      

No comments:

Post a Comment

Post Bottom Ad