මහින්දට නාමයෝජනා දීමේ ඇත්ත කතාව අර්ජුන කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

මහින්දට නාමයෝජනා දීමේ ඇත්ත කතාව අර්ජුන කියයි

මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දින එකඟ වූවා යැයි ප්‍රවෘත්ති පල වීමත් සමඟ දේශපාලන වේදිකාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඒ පිළිබඳව ෆේස්බුක් ඔස්සේ මෙසේ අදහස් දක්වා තිබුණි.

"හාස්‍යයට කරුණ නම් මහින්දට නාමයෝජනා දුන්නා කියන පුද්ගලයා අද දිනම "මගෙන් කුණුහරප අහගන්නෙපා" ලෙස මාධ්‍යවේදියෙකුට ද්වේශයෙන් බැන වැදීමයි. අදාල ලිපිය පිටපතක් වන අතර එහි මුල් පිටපත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එවා ඇත. 

එය අත්සන් කිරීම එතුමන් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පුද්ගලයා තමාගේ අත්සන ගසා එය පල කොට ඇත. රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා හිටපු පවුල් පාලනයට කඩේ යන පුද්ගලයෙකි මොහු. 

එ.ජ.නි.ස අනුමැතිය හිමි වීමට නම් ශ්‍රී.ල.නි.පයේ අනුමැතිය හිමි විය යුතුය. මෙය විමල්, ගම්මන්පිල, වාසු, තිස්ස, දිනේශ් වැනි පුද්ගලයින් එකතු වී ගත් තීරණයකි. චන්ද්‍රිකා මැතිණිය, විපක්ෂ නායක තුමා ප්‍රමුඛ බහුතර ශ්‍රී.ල.නි.ප ප්‍රබලයන් මෙයට එකග නැත. ඉදිරියේදී සත්‍යය හෙලි වනු ඇත."

No comments:

Post a Comment

Post Bottom Ad