'මත්පෙති විකුණු පුද්ගලයා පරිගණකයේ වැඩවලට සහය වුණා' - රතන හිමි හෙළි කරයි (VIDEO)    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

'මත්පෙති විකුණු පුද්ගලයා පරිගණකයේ වැඩවලට සහය වුණා' - රතන හිමි හෙළි කරයි (VIDEO)   

කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල එක්ස්ටසි නමැති මත්පෙති අලෙවි කරමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු තරුණයා තමන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. 

ඔහු තමාගේ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හෝ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකු හෝ නොවන බවත් ඔහු වැටුප් ලබන සේවකයෙකු ලෙස කටයුතු නොකල බවත් ඒ හිමියෝ අවධාරණය කළේය.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ තරුණයා තම කාර්යාලයේ පරිගණක අංශයේ තාක්ෂණික කටයුතුවලට සම්බන්ධ වූ අයෙකු බවයි. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණක් පවත්වා දඩුවම් ලබාදෙන ලෙසත්  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad