මැතිවරණ පළමු බිල්ල රත්නපුරයෙන්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

මැතිවරණ පළමු බිල්ල රත්නපුරයෙන් 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙකුවන තුෂාර දේවාලේගම නමැති පුද්ගලයා ඊයේ (29) රාත්‍රියේ දී කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර තිබේ. 

රත්නපුර දෑල නොරගල්ලේවත්ත, දෙයියන්නේ දාල ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදු ව ඇත. තුෂාර දේවාලේගම තලතා අතුකෝරාල මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මඟ හරස් කර ඇති පිරිසක් සිදු කළ පහරදීමකින් ඔහු මරණයට පත් ව ඇත.

මෙය පසුගිය ජනාධිපතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශය ආශ්‍රිත ව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හිම අවස්ථාවක් ද යන්න සැක සහිත බව කැෆේ සංවිධානය සඳහන් කරයි. 37 හැවිරිදි තුෂාර නමැත්තා තිදරු පියෙකි. ඔහුගේ දේහය මේ වනවිට රත්නපුර රෝහලේ තැම්පත් කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad