වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වශයෙන් කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලසීමාව අදින් (30) අවසන් වුවද නව නිලමේවරයකු පත්කර ගන්නා තෙක් වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ඔහු කටයුතු කරන බව වාර්තා වේ.

නව නිලමේවරයකු පත්කර ගන්නා තෙක් වූ කාලසීමාව සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් වැඩබලන දියවඩන නිලමෙවරයකු පත්කිරීමට නියමිතය. 

මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් දෙපොළගේ පූර්ණ අනුමැතිය මත වැඩබලන දියවඩන නිලමෙවරයා පත් කෙරෙන අතර එතැන් සිට තෙමසක් ඇතුළත නව දියවඩන නිලමේවරයකු පත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වේ. 

පුරාණ චාරිත්‍රානුකූලව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අධීක්‍ෂණය මත දියවඩන නිලමේ නිලවරණය පැවැත්වෙන අතර නිලවරණය පවත්වා මසක් තුළදී නව නිලමෙවරයාගේ පත්වීම් ලිපිය භාරදීම හා වැඩ භාර ගැනීම සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad