ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය.
ඉස්ලාම් ආගමික නායකයින් මෙන් ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටී අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජාතික සංහිදියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහි දී ඇගයීමට ලක් විය. ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද සිදු කළහ.
රටේ සියලු ජාතින් සහ ආගමිකයින් අතර ජාතික සංහිදියාව ගොඩනැගීමේ දී සියලුදෙනා එක් ව මෙවැනි ආගමික උත්සව පැවැත්වීම ඉතා වැදගත් බව උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා පුකාශ කළේ ය.
සියලු භාෂාවන් කතා කරන, සියලු ආගම් අදහන ජනතාව අතර බිය සැක දුරු කර සාමය සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැංවීමට එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිවයා පැවසී ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඒඑච්එම් ෆවුසි, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

No comments:
Post a Comment