මහින්ද හමුවීමට සුසිල් - අනුර මහනුවරට - තීරණාත්මක සාකච්ඡා අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

මහින්ද හමුවීමට සුසිල් - අනුර මහනුවරට - තීරණාත්මක සාකච්ඡා අරඹයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා මේවන විට මහනුවරට ගොස් ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් දෙදෙනා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (29) පස්වරුවේ පැවැත්වු සාකච්ඡාවේදී ඉදිරි මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම හා නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතාගේ නිවසේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයින් කිහිපදෙනෙකු තවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඉදිරිපත්වු යෝජනා හා තීරණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් දෙදෙනා මහනුවර ගොස් ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad