හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (01) පෙරවරු 10.30 වීරකැටියේ මැදමුලන සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.
මේ අතර හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කිරීමට එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන් හෙට මැදමුලන නිවසට රථ පෙළපාලියකින් යාමට තීරණය කර ඇත.
මෙම රැළියට සහභාගී වන සියලු පුරවැසියන්ට තමා ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මේ සඳහා සන්ධාන නායකයන්, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් සහභාගි වන අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, එස්. එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු 15 දෙනකුගෙන් යුත් කමිටුවකින් ගත් තීරණයක් මත මෙම වැඩසටහන දියත් කෙරේ.
හිටපු ජනාධිපතිවරයා හමුවීමට යන කණ්‌ඩායම රට බේරාගැනීමට මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඒ මහතාගෙන් ඉල්ලා සිටින අතර එයට හිටපු ජනාධිපතිවරයා එකඟතාව පළකරනු ලැබුවහොත් ජුලි 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වෙන රැලියට ඒ මහතා සහභාගි කරවීමට අපේක්‍ෂා කෙරේ.

No comments:
Post a Comment