ආයෙමත් අනාවැකි කියන්නෙ නැහැයි කියල තීරණය කරල ඉන්න හිටපු ලොකු තැනගෙ රාජකීය දෛවඥතුමා දැන් කරන්නෙ ජනතාවගෙ පෞද්ගලික ජ්‍යොතිෂ කටයුතු විතරලු.
ඒත් පසුගියදාක රජයේ බරපතළ වගකිවයුතු තනතුරක් දරන ලොකු මහත්තයෙක් යාලුකමට දෛවඥතුමා හම්බුවෙලා රටේ දේශපාලන අනාගතය ගැන අනාවැකියක් කියන්න බැරිද ඇහුව. තමන් අනාවැකි කීම නවත්තල බව රාජකීය දෛවඥතුමා කිව්ව.
ඒත් පෙරුත්තයෙන් බේරෙන්න බැරිම තැන උන්නැහේගෙ පෞද්ගලික දැනගැනීම සඳහා රටේ ප්‍රධාන පෙළේ දේශපාලන ලොක්කන්ගෙ ඡන්ම පත්‍ර අනුව වෙන්න තියෙන දේත් ඒ ඒ පක්‍ෂ ගන්න ආසන ගණන ගැන දල අදහසකුත් කිව්වලු.
හැබැයි ඒ කතාව වෙන කාටවත් ඇහෙන්න නැති තරමට රහසිගතවයි සාකච්ඡාව සිද්ධවෙලා තියෙන්නෙ. මේ සාකච්ඡාවෙන් පසු කුණාටු සමයක් නේද කියපු වගකිවයුක්තෙ මුහුණ බිමට බරකරගෙන යන්න ගියාලු…
Tuesday, June 30, 2015
සුමනෙ අයියා ආයෙමත් කිව්ව අනාවැකිය
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment