අගමැති අපේක්ෂක මහින්ද - හෙට නම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

අගමැති අපේක්ෂක මහින්ද - හෙට නම් කරයි

හෙට (01) මැදමුලනේදී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන බවත් ඉන් පසු ලබන 06 වැනිදා අනුරාධපුර රැස්වීමේදී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවත් හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයියා මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු සඳහන් කළේය. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා වෙමින් පවතින බවත් යම් යම් එකඟාවන්ට පැමිණියද එම තීරණ වෙනස් වීමේ හැකියාවක් තිබෙන බවත් රංජිත් සොයියා මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad