'ජනාධිපතිතුමා නෙමෙයිද මේවා කිව්වේ' - මෛත්‍රීට එජාපයෙන් චෝදනා රැසක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

'ජනාධිපතිතුමා නෙමෙයිද මේවා කිව්වේ' - මෛත්‍රීට එජාපයෙන් චෝදනා රැසක් 

චෝදනා එල්ල කළ පාර්ශ්වයක් සමග එක්වීමට ජනාධිපතිවරයාට ලැජ්ජාවක් නොමැති දැයි තමන් ප‍්‍රශ්න කරන බව ඌව මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (30) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

‘අපිට තියෙන ප්‍රශ්නෙ. ජනාධිපතිවරයාගේ ලැජ්ජා නහර බිදිලද ජනාධිපතිතුමා නෙමෙයිද රාජපක්ෂට විරුද්ධව ඡන්දෙ ඉල්ලුවේ. ජනාධිපතිතුමා නෙමෙයිද රාජපක්ෂගේ වැරදි තීන්දු තීරණ ගැන මේ රටේ වේදිකාවේ කතා කළේ. 

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙමෙයිද රටට කීවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති නොවුනහොත් මහින්ද රාජපක්ෂ අඩි 6ක් පහලට යවනවා කීව්වේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙමෙයිද.‘ යැයි මහ ඇමතිවරයා අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ ජනාධිපතිවරයා හොර සාකච්ඡාවක් කළාය කියන චෝදනාවට හරි ප්‍රකාශ කළ නොහැකිද යන්න තමන් ප්‍රශ්ණ කරන බවද ඔහු පැවසී ය. මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්වීම යනු මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හොරුන් යැයි චෝදනා කළ පිරිස ඔහු විසින්ම ආරක්‍ෂා කිරීමක් බව ද හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad