කාන්තාවකට පහරදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් ප්‍රශ්න කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

කාන්තාවකට පහරදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් ප්‍රශ්න කරයි 

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාගෙන් ගල්කිස්ස පොලිසිය මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසීය මීට පෙර එම විනිසුරුවරයාගේ නිවසට ගියද විනිසුරුවරයා ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ.
විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ගොස් පැය තුණක් පමණ සිටියත් ඔහු ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිණි. 

තම නීතීඥවරයාගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් කළ නොහැකි බව ඔහු සඳහන් කර ඇත.විනිසුරුගේ නිවසේ තවත් සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

එම විනිසුරුවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක් විසින් පසුගිය 26 වැනිදා එම විනිසුරුවරයා තමන්ට පහර දුන් බවට ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි

ඡායාරූප - ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad