දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත පක්ෂ නාම හා පක්ෂ ලේකම්වරුන් වෙනස් වී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව 2015 වර්ෂය සඳහා 1981 අංක දරන පාර්ලිමේන්තු පනතේ 7(4) (අ) වගන්තිය අනුව මැතිවරණ කාර්ය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස සලකනු ලැබීමට නියමිත දේශපාලන පක්ෂ ලැයිස්තුව අංක 1899/46 හා 2015.01.31 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙහි පල කර ඇත.
2015.01.31 දිනෙන් පසුව වරින් වර එකී දේශපාලන පක්ෂවල අවශ්‍යතා අනුව පක්ෂ නාම හා පක්ෂ ලේකම්වරුන් වෙනස් වී ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කරයි. 2015.01.31 දිනෙන් පසු සංශෝධනය වූ පිළිගත් දේශපාලන පක්ෂ පහත සඳහන් වේ.
දේශප්‍රේමී ජාතික පෙරමුණ මේ වනවිට ශ්‍රී ලංකා ජාතික බලය ලෙස වෙනස් වී තිබෙන අතර එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ පියසිරි විජේනායක මහතාය. එක්සත් ලංකා මහා සභා පක්ෂය මේ වන විට බොදු ජන පෙරමුණ ලෙස නම වෙනස් කර තිබෙන අතර ආචාර්ය නාත් අමරකෝන් එහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
එසේම 2015.01.31 දිනෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂවල නව ලේකම්වරුන්ගේ නාමලේඛනය පහත සඳහන් වේ.
පක්ෂය නව ලේකම්
ඉලංකෙයි තමිල් ඇරසු කච්චි පක්ෂය - කේ. තුරෙයිරාසසිංගම් මහතා
ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ - එන්. සිවසක්ති මහතා
මහජන එක්සත් පෙරමුණ - තිස්ස ජයවර්ධන යාපා මහතා
මුස්ලිම් ජාතික සන්ධානය - මසීහුදීන් නයිමුල්ලා මහතා
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ - සාගර කාරියවසම් මහතා

No comments:
Post a Comment