දෙවන ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

දෙවන ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

පාකිස්ථානයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් කඩුලු හතක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතකට පෙර සමත් විය.
එම ජයග්‍රහණයත් සමඟ  තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-1 ලෙස සම කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
යොවුන් පිතිකරු දිමුත් කරුණාරත්න අද දින සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හය වැනි අර්ධ ශතකය රැස් කරගැනීමට සමත්වූ අතර සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට ලකුණු ලබා ගැනීමට පාකිස්ථාන ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැත.

තරඟයේ වීරයා ලෙස කඩුලු හතක් දවා ගත් ධම්මික ප්‍රසාද් සම්මානයෙන් පිදුම් ලැබීය. පාකිස්තානය සමග තුන්වන හා අවසාන ටෙස්ට් තරඟය ජුලි මස තුන්වන දා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.  

No comments:

Post a Comment

Post Bottom Ad