ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතාගේ නියෝගයකට අනුවයි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියෙන් අපහාසාත්මක ප‍්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නඩුවකට අදාලව ඔහු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
බාලවයස්කාර දරුවෙකු යොදාගනිමින් පොදු අපේක්ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමින් අදාළ ප‍්‍රවෘත්ති නිර්මාණය කර තිබුණා.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය මව රඳවාගෙන සිටින බවට අදාළ දරුවා කරන ප‍්‍රකාශ එම ප‍්‍රවෘත්තිවලට ඇතුළත් වුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වූ සුදර්මන් රදලියගොඩ මහතා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට භාරවූයේ අද දිනයි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා පැවසුවේ ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයාගේ අනුදැනුම ඇතිව තම සේවාදායකයා අදාළ ප‍්‍රවෘත්ති සම්පාදනය කර ඇති බවයි.
ඒ අනුව එවක සභාපතිවරයා වූ අනුර සිරිවර්ධන මහතාගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙස නඩුව ගොනු කළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

No comments:
Post a Comment