බ්‍රිතාන්‍යය තිදෙනෙකුගේ ඩී.එන්.ඒ.වලින් දරුවන් තැනීමේ වෑයමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

බ්‍රිතාන්‍යය තිදෙනෙකුගේ ඩී.එන්.ඒ.වලින් දරුවන් තැනීමේ වෑයමක

විද්‍යාවේ තවත් ඉදිරි පියවරක් තබමින් බ්‍රිතාන්‍යය පසුගිය අඟහරුවාදා පුද්ගලයන් තිදෙනෙකු‍ගේ ඩී.එන්.ඒ. වලින් මානවයකු නිර්මාණය කිරීමේ පරීක්ෂණය සඳහා විද්‍යාඥයින්ට අවසර ලබා දුන්නේය.

අනාගත පරපුර ප්‍රවේණික රෝගවලින් මුදා ගැනීම මෙම තාක්ෂණයේ අරමුණ වූවත්, එය මූලික විද්‍යාත්මක සීමාවන්වලට පටහැනි ක්‍රියාවක් බව විචාරකයෝ පෙන්වා දෙති. එයින්, සැලසුම් කළ දරුවන්, බිහිවීමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ 382ට 178ක් ලෙස වූ බහුතර ඡන්දයෙන් මෙම අත්හදා බැලීම්වලට අවසර ලබාදීමට අවශ්‍ය නීති සම්පාදනයට අනුමැතිය ලැබුණු අතර එයට ‘සාමිවරුන්ගේ මන්දිරයේ’ අනුමැතිය ලැබුණොත් මානව කළලයේ ජාන නවීකරණයට ඉඩ ලබා දුන් ප්‍රථම රට බවට බ්‍රිතාන්‍යය පත්වනු ඇත.

“මෙය එඩිතර පියවරක් වූවත්, එය සැලකිල්ලෙන් හා දැනුවත්භාවයකින් ගත යුතු පියවරක්” සෞඛ්‍ය ඇමතිනී ජේන් එලිසන් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළාය.

මෙය ජාන නවීකරණයෙන් ආහාර සෑදීමේදී යොදා ගන්නා තාක්ෂණයට වඩා සම්පූර්ණයෙන් වෙනස් තාක්ෂණයකි. එහිදී විද්‍යාඥයින් සිදු කරන්නේ එක් විශේෂයකින් නිශ්චිතව තෝරාගත් තනි ජානයක් වෙනත් විශේෂයකට මාරු කිරීමයි.

එහෙත් විවේචකයන් සඳහන් කරන්නේ එය රතු ඉර පැනීමක් ලෙසිනි.කළලයේ සිදුකෙරෙන වෙනස්වීම් ඉදිරි පරම්පරාවන් වෙතට ගමන් කිරීමට හැකි අතර එයින් ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පැවසිය නොහැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

No comments:

Post a Comment

Post Bottom Ad