අයි.සී.සී. ප්‍රධාන විධායකගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

අයි.සී.සී. ප්‍රධාන විධායකගෙන් අනාවැකියක්

ක්‍රිකට් ක්‍රීඩාවේ කෝඩුකාරයන් වන ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්වලින් මෙවර ලෝක කුසලාන තරගමාලාවේ ප්‍රබල කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ලවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් අනාවැකි පළ කරයි.

අයි.සී.සී.යේ පූර්ණ සාමාජිකත්වය හිමිනොවූ මේ කණ්ඩායම් මෙවර ලෝක කුසලාන තරගමාලාවට ඉතා හොඳින් සූදානම්වී සිටින බැවින් යම්කිසි පෙරළියක් සිදුවනු ඇතැයි ඔහු පවසයි. 

එබැවින් එම කණ්ඩායම් පිළිබඳ අඩුතක්සේරු කිරීම ප්‍රබල කණ්ඩායම්වලට පසුතැවිලිවීමට සිදුවන කරුණක් වනු ඇතැයි ද ඔහු කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad