ඩ්වේන් බ්‍රාවෝ ටෙස්ට් පිටියට සමුදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

ඩ්වේන් බ්‍රාවෝ ටෙස්ට් පිටියට සමුදෙයි

ලෝක කුසලාන තරගමාලාවට නම් කළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඇතුළත් නොවූ තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

වසර 2004 එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් වරම් ලැබූ 31 හැවිරිදි බ්‍රාවෝ ටෙස්ට් තරග 40කට ක්‍රීඩා කර ඇති අතර එහි දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 2200කි.

 ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 13ක් ඇතුළත්ය. පන්දු යැවීමෙන් දස්කම් දක්වා කඩුලු 86ක් බිඳ දැමීමට ද ඔහු සමත්විය. එහෙත් 2010 දී ශ්‍රී ලංකාව සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ඔහු එරට ටෙස්ට් පිලට ක්‍රීඩා කළේ නැත. 

ටෙස්ට් පිලේ ස්ථානයක් හිමි නොවූවත් එක්දින කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි බ්‍රාවෝ එහි නායකයා ලෙස ද කටයුතු කළේය.  එහෙත් පසුගියදා ඔහු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් පමණක් නොව ලෝක කුසලාන තරගමාලාවෙන් ද ඉවත් කිරීමට එරට ක්‍රිකට් බළධාරීහූ පියවර ගත්හ.

No comments:

Post a Comment

Post Bottom Ad