කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද ආර්. සිල්වා මහතා අත් අඩංගුවට ගැනීම සඳහා ඉහළින් නියෝගයක් ලැබිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ වන විට දුමින්ද සිල්වා කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඒ ප්‍රමාණවත් සාක්ෂි තමන් සතුව ඇති නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා දේශපාලන අධිකාරියෙන් නියෝගයක් ලැබෙන තුරු තමන්ට බලා සිටින්නට සිදුව තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියකු පැවැසුවේය.
එමෙන්ම පසුගිය පාලන සමයේ දුෂණ වංචා අපරාධ රැසක් ගැන තොරතුරු තමන් සතුව තිබෙන නමුත් නීතිය ක්‍රියාත්මක කිරීම පවතින රජයේ වුවමනාව අනුව ප්‍රමාද වී ඇති බව ඛේදජනක සිදුවීමක් බවද අපට තොරතුරු අනාවරණය කළ නිළධාරියා පැවැසීය.
lankadaily.com ඇසුරෙනි
Monday, February 9, 2015
දුමින්දව අත්ඩංගුවට ගන්න ඉහළින් නියෝගයක් ඕනේ.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment