දේශපාලන බලය නිසා ‘ටෙනිසන් කුරේ’ සිනමාවෙන් ඈත් වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

දේශපාලන බලය නිසා ‘ටෙනිසන් කුරේ’ සිනමාවෙන් ඈත් වේ

රංගන ශිල්පී ටෙනිසන් කුරේ සිනමාව ගැන කලකිරීමකින් යුතුව පසුවන බව සඳහන් කරමින් පුවත්පතක් හා සාකච්ඡාවක් පවත්වා තිබුණි. 

සිනමාව තුළ වඩාත් කාර්යබහුල නළුවකු වූ ටෙනිසන් කුරේ මේ වන විට නිහැඩියාවකින් පසුවන්නේ දේශපාලන බලපෑම් නිසා බවයි ඔහු පවසන්නේ.

සිනමාව තුළ කලකිරීමට හේතු රංගන ශිල්පී ටෙනිසන් කුරේ මෙසේ හෙළි කළේය.

“ සල්ලි දෙන්නං කියලා අපෙන් වැඩ අරගෙන ‍පොලු තියෙන නිෂ්පාදකවරු ඊට පස්සේ අපිව මගහරිනවා. ඒ අවනඩුව කියන්න තියෙන්නේ චිත්‍රපට සංස්ථාව. ඒත් අපේ ප්‍රශ්නයට ඒ අයගේ ළඟ උත්තර නැහැ. 

මං බොහොම අමාරුවෙන් “ටැංක්යූ බර්ටි” කියල චිත්‍රපටයක් කළා. ඒත් අපි චිත්‍රපට ‍පෝලිමේ ඉද්දී සමහරු ‍පෝලිම කඩාගෙන චිත්‍රපටය පෙන්වනවා.

ඒ වගේම අපි චිත්‍රපටය තිරගත කළාම චිත්‍රපටය ගලවනවා අපිත් දන්නෑ. මේ ගැන ඇහුවම කියන්නේ ඉහළින් ආපු නියෝග කියලා. දේශපාලන බලය තියෙන අය ඒ බලය යොදලා තම තමන්ගේ වැඩ කරගන්නවා.

මම ස්වාධීන කලාකරුවෙක්. ඒ හින්දා ඒ පැත්තෙන් මාව කොන් කරනවා. මේ පැත්තෙනුත් කොං කරනවා. ඔය හේතු මත තමයි මට සිනමාව එපා වුණේ ”.

වෘත්තීය නළුවෙක් මෙන්ම සිනමාවට රසිකයන් ඇදබැඳ ගැනීමේ හැකියාව ඇති මෙවන් කලාකරුවන් වෘත්තීය පිළිබඳව කලකිරීම සිනමාවට ඇළුම් කරන සැමගේ අවාසනාවකි.

(රිද්ම ඇසුරින්)

No comments:

Post a Comment

Post Bottom Ad