වේග පන්දු යවන ඉෂාත් ෂර්මා ලෝක කුසලානයෙන් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

වේග පන්දු යවන ඉෂාත් ෂර්මා ලෝක කුසලානයෙන් ඉවතට

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉශාන්ත් ශර්මා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක ශර්මා දණහිසේ ආබාධයකින් පෙළෙමින් සිටින බවය.

ඔහු  ලබන සතියේ යළි ඉන්දියාවට පැමිණීමට නියමිත අතර
ඔහු වෙනුවට දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක මෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට එක් වනු ඇති.

කෙසේ වෙතත් ඒ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂ‚ක කමිටුවේ අනුමැතිය ද මෙතෙක් හිමිව නොමැත. මෝහිත් ශර්මා මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 12 කට සහභාගී වි ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 10 කි.

No comments:

Post a Comment

Post Bottom Ad