සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ එවැනි පැමිණිලි 1500ක් පමණ සෑම දිස්ත්‍රික්කයකින්ම තමන් වෙත ලැබී ඇති බවයි.
විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පලාත්වල අහිංසක දුප්පත් ජනයා දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. සිමෙන්ති මිල, පාන්පිටි මිල, කිරිපිටි මිල, ලාම්පුතෙල් මිල, අඩු කිරීමක් වෙලා නැහැ.
සැමන් ටින් එකක් රුපියල් 200ත් 240ත් අතර මිලකට අලෙවි වන බවත් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම කොළඹ සහ ප්‍රධාන නගරවලින් අපිට පැමිණිලි ලැබිලා තියෙනවා සහන ලැබිලා නැහැ කියලා.
තමන් වෙත ලැබී ඇති පැමිණිලි ඉදිරියේදී වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවධානයට යොමු කරන බවද අසේල සම්පත් මහතා පැවසුවා. අතුරු අයවැයෙන් දුන් සහන ව්‍යාපාරිකයන් විසින් පාරිභෝගිකයින්ගෙන් කොල්ලකෑම් වළක්වාලීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාත්මක විය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අතුරු අයවැයෙන් ලබාදුන් සහන අනුව ආහාර සහ වෙනත් ද්‍රව්‍යයන්ගේ මිල ගණන් අඩු නොකරන ව්‍යාපාරිකයන් සොයා සතියක් ඇතුළත වැටලීම් සිදු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉකුත්දා කියා සිටියා. පාරිභෝගික සේවා අධිකාරිය මගින් අදාළ වැටලීම සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:
Post a Comment