මැතිවරණ කොමසාරිස්වරයා වෙත තමන් ලිඛිතවද එ් බව දැනුම්දුන් බවයි අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ. ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී සරත් මනමේන්ද්‍ර මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කොළඹ දිස්ති‍්‍රක්කට තරග වැදුණා.
කෙසේ වෙතත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව මනාප ලැයිස්තුවේ ඔහුට හිමිවී තිබෙන්නේ 17 වන ස්ථානයයි. ඔහුට ඉදිරියෙන් තවත් අපේක්ෂකයන් 12 දෙනෙකු සිටිනවා.
මේ අතර ජයන්ත කැටගොඩ මහතා සිය මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එම ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට නීතිමය බාධාවක් නොමැති බවයි මැතිවරණ කොමාසාරිස්වරයා පවසන්නේ. නීතිපතිවරයාගෙන් තමන් එ් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත් බවද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා.
සරත් ෆොන්සේකා මහතාට අදාළ මන්තී‍්‍ර ධුරය අහිමි වූයේ සිරදඬුවමකට ලක්වීම නිසායි. එහෙත් ඉකුත්ද එ් මහතාට ජනාධිපති පූර්ණ සමාව හිමිවු අතර එ් යටතේ අහිමි වී තිබූ ප‍්‍රජා අයිතිය ඇතුළු සෙසු සියලූ වරප‍්‍රසාදද ඔහුට යළි හිමි වී තිබෙනවා.

No comments:
Post a Comment