ඉන්දීය නීති ශිෂ්‍යාවක 4ට කැපූ ඝාතකයාගේ පාපෝච්චාරණය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

ඉන්දීය නීති ශිෂ්‍යාවක 4ට කැපූ ඝාතකයාගේ පාපෝච්චාරණය

ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේදී 19 හැවිරිදි නීති ශිෂ්‍යාවක කපාකොටා ඝාතනය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය පළමු වන දා ගෞරි ශ්‍රීවස්තවා නමැති අදාළ ශිෂ්‍යාව අතුරුදන්ව ඇති බවය.

අතුරුදන් වූ දිනට පසු දා ඇයගේ මළ සිරුරේ කොටස් සොයා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ශිෂ්‍යාවගේ යහළුවෙකු සහ තවත් පුද්ගලයෙකි. ඝාතනයට ලක් වූ තරුණිය සහ අදාළ තරුණයා අවුරුදු 1 1/2 ක පමණ කාලයක සිට දැන හඳුනා ගෙන සිට ඇති අතර සැකකරු එම තරුණියට කැමැත්තෙන් පසු වී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඝාතනය සිදු කළ අකාරය සම්බන්ධයෙන් සැකකරු පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ. පාපොච්චාරණයට අනුව තරුණිය අතුරුදන් වූ දින පස්වරුවේ අදාළ තරුණයා සිය යතුරුපැදියේ නංවාගෙන ඇය ඔහුගේ නිවසට කැටුව ගොස් ඇත.එදින ඔහුගේ පවුලේ සාමාජිකයින් කිසිවෙකුත් නිවසේ සිට නොමැත.

එහිදී තමන් තරුණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ බවත් ඇය වෙනත් තරුණයින්ට යවන ලද වීඩියෝ දසුන්, කෙටි පණිවුඩ සහ ඡායාරූප දැකීමෙන් කෝපයක් හටගත් බවත් පවසා ඇත. එහිදී ඔහු ඇයගේ ගෙල සිරකර ඇති අතර පසුව ඇයට සිහිය නැතිව ගොස් තිබේ.

ඉන් කලබලයට පත් වූ තමන් සිහි නැතිවූ ගෞරී නිවස තුළ එලෙස ම සිටියදී මිතුරෙකු සමග මත්පැන් පානය කිරීම සඳහා නිවසින් පිටතට ගිය බව පවසා ඇත.

මෙම අවස්ථාවේ ගෞරිගේ පවුලේ අයෙක් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අතර ගෞරී අසනීප තත්ත්වයෙන් පසු වන බව ඔහු ඇයගේ නිවසේ සාමාජිකයින්ට පවසා ඇත.

මත්පැන් පානය කර සිටි තමන් නිවසට පැමිණ තරුණියගේ සිරුර කොටස් 4ට කපා සිරුරේ කොටස් ගෝනි තුනක බහා ප්‍රදේශයේ ම ස්ථාන තුනකට විසි කළ බව අදාළ තරුණයා පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad