ජනතා පොරොන්දු ඉට කුරමින් සිටින ආණ්ඩුවට විපක්ෂය මඩ ගහන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඇමතිවරයා මේ අදහස් පල කලේ මොරටුව සොයිසාපුර නව එජාප කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේද කීය.
‘දැන් විපක්ෂයට යන එන මං නැතිවෙලා. දැන් එයාලට ඕනෑ ආණ්ඩුවට මඩ ගහන්න. ඒ නිසා බොරු කට කථා රටපුරා ප‍්‍රචාරය කරනවා.
ඒකාධිපති බලයක් තිබූ ආණ්ඩුව ජනතාව ගෙදර හැරියා.
දැන් පිරිසිදු පාලනයක් රටට අවශ්‍යයි. අපි බලයට එනකොට ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා. දැන් අපි දින 100 යේ වැඩපිළිවෙළ තුළින් ඒ පොරොන්දු ඉටුකරමින් ඉන්නේ.
අපි පසුගිය අයවැයෙන් ජනතාවට සහන දුන්නා. දැන් ජනතාවගේ මුහුණු තුළ සිනහව දැක්කාම අපිට හරි සතුටුයි’
Wednesday, February 11, 2015
ජනතාවගේ සිනා මුහුණු දැක්කාම අපට හරි සතුටුයි.. විපක්‍ෂය අපට මඩ ගහනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment