සහය නම් සහය.. ගුටි නම් ගුටි.. සහය දී ගුටි කන්න බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

සහය නම් සහය.. ගුටි නම් ගුටි.. සහය දී ගුටි කන්න බෑ..

ආණ්ඩුවට සහාය දෙන්නත් ගුටි කන්නත් දෙකක් කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

‘රටේ අගමැතිතුමා එදා පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිහ මම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. 

එදා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරල මන්ත‍්‍රීවරුන්ට ටොකු අනින්න හදනවා. අද විපක්ෂයේ මන්ත‍්‍රීවරු බය කරන්න හදනව. මන්ත‍්‍රීවරුන්ව හිරේ දාලා අපිව බය කරන්න බෑ. 

මේක සුළුතර ආණ්ඩුවක්. බහුතරයක් තියෙන්නේ අපිට. අපි දින සියයේ වැඩපිළිවෙළට සහාය දෙනවා. හැබැයි සහාය දෙන්නයි, ගුටි කන්නයි දෙකක් බැහැ’ යයිද මන්ත‍්‍රීවරයා නාවලපිටියේදී අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad