ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයට ලැම්බොගිනියක් එයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයට ලැම්බොගිනියක් එයි!

පසුගිය සඳුදා පස්වරුවේ ජවිපෙ ප‍්‍රධාන කාර්යලය ඉදිරිපිට ලැම්බෝගිනි මෝටර් රථයක් දැකගැනීමට හැකිවී තිබේ. 

සියලූ දෙනා මේ මෝටර් රථය දෙස විශේෂ උනන්දුවකින් බලා තිබුනේ මීට පෙර ලැම්බොගිනියකින් ජවිපෙ කාර්යාලයට කිසිවෙක් පැමිණ නොතිබුණු නිසාවෙනි. 

එම රථයෙන් පැමිණ තිබුනේ අන්කිසිවෙකු නොව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවය. ඔහු පැමිණතිබුනේ සුනිල් හඳුන්නෙත්ති හමුවීමටය.

"මන්ත‍්‍රීතුමා මම ඔබතුමාලගේ කාර්යාලයට ආවේ බයෙන්. මොකද ලැම්බෝගිනිවලට ඔබතුමාලා විරුද්ධයි නේද?” මාලගමුව හදුන්නේතිගෙන් විමසා තිබේ. එවිට එයට පිළිතුරු ලෙස හදුන්නෙත්ති පවසා ඇත්තේ  "අපෝ නැහැ. අපි ලැම්බොගිනිවලට විරුද්ධ නැහැ. අපි විරුද්ධ ජනතාවගේ සල්ලිවලින් ජනාධිපති පුත්තු ලැම්බොගිනි පදිනවට. අපි දේශපාලනය කරන්නේ මේ රටේ හැම තරුණයටම ලැම්බොගිනි පදින්න පුළුවන් ආර්ථිකයක් හදන්නයි.” යනුවෙනි.

ඩිලන්ත මාලගමුව පැමිණ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජවිපෙ මන්ත‍්‍රීවරයෙකුගෙන්ම අසාදැනගැනීමටය. ”මම මීට කලින් මැලේසියාවෙන් ඩෙංගු මඩින්න උදව් ගන්න එකඟතාවයක් හදාගත්තා. නමුත් ආණ්ඩුව ඒ ගැන මොකුත් කළේ නැහැ. 

මේ ආණ්ඩු ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා ඒකෙන් තමයි මම දැනගත්තේ. වකුගඩු රෝගීන්ට ආධාර ලබාදෙන්න ජපානයෙන් උදව් ගන්න පුළුවන්. ” යනුවෙන් මාලගමුව හදුන්නෙත්ති හමුවේ පවසා තිබේ. 



No comments:

Post a Comment

Post Bottom Ad