රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ජෝන් අමරතුංග ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කර ඇති ප‍්‍රකාශය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට වක‍්‍රාකාරයෙන් තර්ජනය කිරීමක් බවත්, විශ්වාසභංගය දිනවා ජෝන් අරමතුංග ඇමතිවරයා නෙරපා හැරීමේ සටන කිසිසේත් අත්නොහැරිය යුතු බවත් බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එම සටන අතහැරිය හොත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ට එය බරපතල අවමානයක් බවයි.
ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය හැකි මේ ස්වර්ණමය අවස්ථාව වරදාන හෝ වරප‍්‍රසාද වලට යට වී කිසිවෙකු මග හැරිය හොත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් ඊළග මැතිවරණයේදී ඔහුට හෝ ඇයට දියු යුතු දඩුවම තීරණය කරනු ඇතැයිද රණතුංග මහතා පෙන්වා දෙයි.
ඊයේ (08) එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධි මණ්ඩලයේදී රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය වරයා අදාල විශ්වාසභංගය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව පැවසූ බව අද මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ පිළිබද ප‍්‍රතිචාර දක්වන මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ඇත්තේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට බවයි. ජනාධිපතිවරණයෙන් පසු බලයට පත් වු රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බව මෙම විශ්වාසභංග යෝජනාවෙන් තහවුරු වී ඇත.
මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරු සංඛ්‍යාව 67 කි. විපක්‍ෂ මන්තී‍්‍රවරු සංඛ්‍යාව 157 කි. දෙමළ ජාතික සංධානය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ මන්තී‍්‍රවරුන් 20 දෙනා හැරුණූ විට මන්තී‍්‍රවරුන් 137 දෙනෙකු විපක්‍ෂයට අයත් වන බව මහ ඇමතිවරයා පෙන්වා දෙයි.
යහපාලනයට මුවා වී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ පාක්ෂිකයන්ට පහරදුන් මැරයන්ට ගැල වී යාමට ඉඩ දිය නොහැකිය. ප‍්‍රාදේශීය සභාවට පැන පහරදුන් මැරයන්ට ගැලවී යාමට ඉඩ දිය නොහැකිය.
මේ සිද්ධීන් පිළිබදව ජෝන් අමරතුංග අමැතිවරයාගේ විෂය යටතට ගැනෙන පොලිසියෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ පිළිබදවද සෑහීමකට පත් විය නොහැකිය. එම පරීක්‍ෂණ පිළිබදව විවිධ සැක මතුව ඇතැයි ද රණතුංග මහතා පෙන්වා දෙයි.
අගමැතිවරයාගේ අපේක්‍ෂාව වී ඇත්තේ බලහත්කාර ආණ්ඩුවේ යහපාලන ඇමති ජෝන් අමරතුංග රැක ගැනීමයි. ඒ සදහා ඔහු කොන්දේසි විරහිතව පෙනී සිටින බව පැහැදිලිය. ඔහු මේ නොකියා කියන්නේ ජොන් අමරතුංග ඇමතිවරයාගේ විශ්වාසභංගය ආණ්ඩුව පරාජය වුවහොත් රටතුළ හදිසි මැතිවරණක් පැවැත්වීමේ වගකීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ විපක්‍ෂය භාර ගත යුතු බව නොවේද ?
අගමැතිවරයා උත්සහ ගන්නේ වක‍්‍රාකාරයෙන් එලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් බිය වැද්දීමට නම් එවැන්නකට කිසිසේත් ඉඩ නැති බව අවධාරණය කරන්නේ යැයි ද රණතුංග මහතා කියයි.
සැබැවින්ම යහපාලනයට එකග නම් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා කළ යුත්තේ ජෝන් අමරතුංග ඇමතිවරයාගේ විශ්වාසභංග යෝජනාවේ තීන්දුවට හිස නමා ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමයි.
එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කිරීම නොවේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂට වික‍්‍රමසිංහ මහතාගේ මෙවැනි තර්ජන හොදින් හුරු පුරුදු බව පෙන්වා දෙන රණතංග මහතා බලහත්කාර ආණ්ඩුවේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් සූදානම් බවද අවධාරණය කරයි.
– ප‍්‍රදීප් අනුර කුමාර
Monday, February 9, 2015
සුළුතර අගමැති රනිල්ගේ තර්ජනයට අපි බය නෑ… විශ්වාස භංගයෙන් ජෝන් පන්නනවාමයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment