එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ වෙබ්අඩවි ජාලාවකින් පළමු වරට ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහනක් හඳුන්වාදී ඇත.
'බඩී ක්‍රිකට් 2015' නමින් මේ ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ www.eyes.lk වෙබ් අඩවියේ යොවුන් කණ්ඩායමක් විසිනි.
'ෆේස්බුක්' සමාජ වෙබ්අඩවිය භාවිතා කරන්නන් ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන මේ නව ආරක විනෝදාත්මක වැඩ සටහන මගින් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට ලෝක කුසලාන තරගමාලාවේ ජයග්‍රාහී කණ්ඩායම්, ඔවුන් රැස් කරනු ලබන ලකුණු සංඛ්‍යාව සහ තරගයේ වීරයා අනුමාන වශයෙන් නම් කිරීමට හැකියාව උදාවේ.
වට තුනකින් සමන්විත මේ විනෝදාත්මක වැඩසටහනට 'නිත්‍ය ඕවරය' යටතේ ප්‍රශ්න 6ක් ද, සුපිරි ඕවරය යටතේ ප්‍රශ්න 3ක් ද, තරගය පදනම් කරගත් වීඩියෝ පටයක් අනුමාන කරමින් තවත් ප්‍රශ්නයකට පිළිතුර සැපයීමට අවස්ථාව සැලසේ.
වීඩියෝ පටය අනුමාන කරමින් පිළිතුරු සපයන්නන්ට දෛනිකව ත්‍යාග පිරිනැමිමටත්, සෙසු ප්‍රශ්නවලට අනුමාන පිළිතුරු සපයන්නන් අතරින් ඉදිරියෙන්ම පසුවන අය තෝරා ඔවුන්ට තරගමාලාව අවසානයේ ත්‍යාග පිරිනැමීමටත් කටයුතු යොදා තිබේ.
Monday, February 9, 2015
ලෝක කුසලාන තරගමාලාව වෙනුවෙන් නව ආරක වැඩසටහනක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment