සිය සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ඇමරිකාව තුළින් ලැබෙන බව පකිස්ථානයේ ඉස්ලාමික රාජ්‍ය අණදෙන නිලධාරියකු බවට සැලකෙන පුද්ගලයෙකු විසින් අනාවරණය කර ඇතැයි වාර්තා වේ.
යූසුෆ් අල් සලාෆි නම් මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග ජනවාරි 22 වනදා පකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඔවුන් පිළිබඳව සිදුකෙරෙන පරීක්‍ෂණ පිළිබඳ තොරතුරු ලද පකිස්ථාන පුවත්පතක් හෙළි කර ඇත්තේ ඉස්ලාමික රාජ්‍යය වෙනුවෙන් සටන් වැදීම සඳහා පකිස්ථාන ජාතිකයින් බඳවා ගැනීමට අවශ්‍ය අරමුදල් ඇමරිකාවෙන් ලැබෙන බවට යූසුෆ් අල් සලාෆි පාපොච්ඡරණය කර ඇති බවයි.
මෙලෙස බඳවා ගැනෙන සටන්කාමීන් සිරියාව වෙත පිටත්ව යැවෙන අතර එක් අයකු සඳහා ඩොලර් 600ක පමණ මුදලක් සලාෆි වෙත ගෙවා ඇතැයි පැවසේ.
අල් සලාෆි ගේ සහයට ඉස්ලාම් දේවස්ථානයක ඉමාම්වරයෙකුද ක‍්‍රියාකර ඇතැයි අනාවරණය වී තිබේ. ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ සිරියාව වෙනුවට ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය ඉලක්ක වෙත ඇමරිකානු ප‍්‍රහාරය එල්ලවූයේ එම සංවිධානය ක‍්‍රියාත්මක වන්නේ තම අභිලාෂයන් වෙනුවෙන් බව සැගවීමට බවයි.
කෙසේවෙතත් අල් සලාෆි වෙත අරමුදල් පැමිණියේ ඇමරිකාවේ කවරෙකු වෙතින්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.
Friday, January 30, 2015
ඇමරිකාවෙන් අරමුදල් ලැබෙන බවට ISIS නිලධාරියෙකුගෙන් පාපොච්ඡරණයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment