පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙසේ අදහස් පල කලේය.
පසුගිය 28 වනදා අපේ ජාතියේ අවාසනාවන්ත දවසක්. ලෝක ඉතිහාසයේ වෙනත් කිසිම රටක සිදුවී නැති ආකාරයට අපේ රටේ අගවිනුසුරු වරයා ඉවත්කිරීමට මේ ආංඩුව කටයුතු කළා.
මේ ආංඩුව පිහිටුවේ ජනවාරි 9. ජනවාරි 12වෙනිදා ඉදන්ම අගවිනිසුරුවරයට විරුද්ධව උසාවිය අභියස උද්ඝෝශන පෙළපාලි පවත්වන්නට සංවිධානාත්මක පිරිසක් කටයුතු කළා. ඒ පෙළපාලි වලට උද්ඝෝශන වලට බියපත්වුණු මේ ආන්ඩුව ඊයේ අගවින්සුරු වරයා ඉවත් කරන්නට කටයුතු කළා.
අපේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107.2 වගන්තිය තමයි අගවිනිසුරුවරයි ඉවත්කිරීම සම්බන්ධව තියෙන නීතිමය විධිවිදානය. සෑම විනිශ්චකාර වරයෙක්ම යථා පැවැත්මෙන් සිටින තාක් ධුරය දරන්නේය.
ඒ යම් කිසි විනිස්චය කාර වරයෙකු ඉවත්කිරීම සදහා ඔප්පුවී ඇති විෂම පැවැත්ම හෝ අබල තාව හෝ පදනම් කොට ගෙන නොපැමිනි මන්තී‍්‍රවරයන්ගෙන්ද ඇතුලූව පාර්ලිමේන්තුවේ මුලූ මන්තී වරයන්ගේ සංඛ්‍යවෙන් බහුතර මන්තී‍්‍රවරයන් සංඛ්‍යවක් විසින් සම්මතකරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවන් ජනාධිපතාවරයාට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතාවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චකාර වරයෙකු ඉවත්කළ නොහැක්කේය.
ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනුසුරු තුමිය ඉවත්කරනන නම් පාර්පිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගෙන් තුනෙන් එකකට වඩා ඩැඩි සංඛ්‍යාවක් විස්න් අත්සන් කරන ලද පෙත්සමක් එතුමියට විරුද්ධ චෝදනා සදහන් කරලා කතානායක තුමාට ඉදිරිපත් කළා. කතානායක වරයා පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන්ගෙන් යුත් මන්තී‍්‍ර කමිටුවකට මේ චෝදනා විමර්ශනය කරන්න අවස්තාව දුන්නා.
ශිරානි බණ්බාරනායනුක මැතිනියට නීතයිඥන් සමග ඇවිත් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නා. ඉන් පසු අර කමිටුව විසින් වාර්ථාවක් හැදුවා.
ඒ වාර්ථාව පාර්ළිමේතුවේ විවාද කරලා අතිශය බහුතරයක් මන්තී‍්‍රවරු සම්මත කළාට පස්සෙයි ජනාධිපතිවරා අග විනිසුරු වරිය ඉවත් කලේ. උත්තරිතර පාර්ලිමේන්තුව ගත් ඒ තීන්දුවට දැන් මොකද වුනේ. රටේ වර්තමාන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමත් ඒ යෝජනාවට පක්ෂව අත ඉස්සුවා.
රාජිත සේනාරත්න ඇමතිතුමන් ඒ කමිටුවේ සිටමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඒ චෝදනා වළට වැරදි කරු බවට වාර්ථාව දුන්නා. චම්පික රණවක ඇමතිවරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කිරීමට පක්ෂව පාර්ලිමේන්තුවේ වේගවත් කතාවක් කළා.
එතකොට එතුමන්ල කියන්නේ එදා තමන් කලේ වැරැද්දක් කියලද. ඒ වගේම පාර්ලිමේන්තුව ගත් තීරනය වැරදි මොහාන් පීරිස් මහතා පත්කිරීම වැරදි කියල තීන්දුව ගන්නෙ කවුද. ජනිධිපති මාධ්‍ය අධ්‍යක්ෂ.
උත්තරීතර පාර්ලිමේන්තුවේ තීරන වෙනස් කරන්නට අපේ රටේ ජනාධිපතිවරයටවත් බලයක් නෑ.
නැති බලයක් ජනිධිපති මාධ්‍ය අධ්‍යක්ෂට ආරෝපනය වුයේ කෙසේද කියල යහපාලන ආන්ඩුව සමස්ථ ලෝකයටම උත්තර සැපයිය යුතයි. මොකද ලෝකයේ කිසිම රටක මෙවැනි සිදුවීමක් මාදන්නා තරමින් සිදුවී නැහැ. මට මතක්වෙනවා නන්දා මාලණිය ගැයු සුකිරිබටිල්ලන්ගේ ගීතය. එහි කියවෙනවා
‘වාසි පිළට හුරේ දමා පිළෙන් පිලට යමල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා ‘
අද අපි නීතියේ ආදිපත්‍යය උගසට තබන්නේ සහන අයවැය වෙනුවෙන්නම් අනේ අපේ ජාතියට දෙයියන්ගේම පිහිටයි.
– අරවින්ද අතුකෝරල
Friday, January 30, 2015
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා.. අනේ අපේ ජාතියට දෙයියන්ගේම පිහිටයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment