කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන්නැයි රාවුල් කස්ත්‍රෝ ඇමරිකාවෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන්නැයි රාවුල් කස්ත්‍රෝ ඇමරිකාවෙන් ඉල්ලයි

කියුබාවට එරෙහිව පණවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ විසින් ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ප‍්‍රතිස්ථාපනය කිරීම සමග ග්වන්තනාමෝ බොක්ක යළි කියුබාවට ලබාදිය යුතු බවයි.

ඇමරිකාව සමග සබඳතා සාමාන්‍ය තත්වයට ගෙනඒමට කියුබාව කැමති වුවද පළමුව සම්බාධක බවත් කළ යුතු බවද කස්ත්‍රෝ පවසා තිබේ.

ජාත්‍යන්තර අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දැවැන්ත මානව හා ආර්ථික හානියක් සිදුකළ ආර්ථික, වෙළඳ හා මූල්‍ය සම්බාධක ඉහිල් කිරීම ප‍්‍රධාන ගැටළුව බවද කියුබානු ජනාධිපතිවරයාගේ අදහසයි.

ග්වන්තනාමෝ බොක්ක බදු දී ඇති කාලසීමාව සම්පූර්ණ වීමට පෙර එය කියුබාවට යළි ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.  රාවුල් කස්ත්‍රෝ පවසා ඇත්තේ කියුබාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගැසීමට වොෂින්ටනයට ඉඩ නොතබන බවයි.

සම්බාධක ඉවත්කිරීම දිගු හා දුෂ්කර මාවතක් හරහා වැටී ඇති බව පැහැදිලි වුවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ පළල් විධායක බලතල භාවිතා කරමින් කොංග‍්‍රස් මණ්ඩල තීරණයක් රහිතව වුවද සම්බාධක වල විෂය පථය වෙනස් කළ හැකි බව ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

කියුබාව සමග සබඳතා යළි ඇරඹීමට ඇමරිකානු ජනාධිපති ඔබාමා තීරණය කළද රිපබ්ලිකන් පක්‍ෂය බලය දරන කොංග‍්‍රස් මන්ඩලය ඊට විරුද්ධ ස්ථාවරයක් දරන බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad