පක්‍ෂ මාරු, ටයි පටි මාරු, දේශපාලන කුණාටු දැන් අවසන් බැවින් ජනතා සේවය අරඹන්න යැයි බස්නාහිර මහ ඇමති පළාතේ සියලූ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි. ඔහු අවධාරණය කරන්නේ දේශපාලනය අමතක කර දැන් ජනතාවට සේවය කළ යුතු බවයි.
මහ ඇමතිවරයා මෙලෙස සදහන් කළේ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්, ලෙකම්වරුන් සහ කොමසාරිස්වරුන් සමග බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡවකදීය. පළාත් පාලන ආයතන ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව සහ ඔවුන්ට පවතින ගැටලූ පිළිබද සාකච්ඡ කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමතිවරයා මෙසේද කීවේය.
‘පසුගිය ජනාධිපතිවරණයේදී අපි දේශපාලන අරමුණක් වෙනුවෙන් කටයුතු කළා. දේශපාලනඥයෙක් විදියට මම මගේ පක්‍ෂය වෙනුවෙන් වෙහෙසුණා.
පක්‍ෂයේ නායකයාව ජයග‍්‍රහණය කරවන්න වෙහෙස මහන්සි වුණා. නමුත් ජයග‍්‍රහණය කළේ අනෙක් පාර්ශවය. එතුමා පසුව අපේ පක්‍ෂයේ නායකයා බවට පත් වුණා. ඒක වෙනම කාරණයක්.
දැන් ජනාධිපතිවරණය අවසන් වෙලා සති කිහිපයක් ගත වෙලා. රතිඤ්ඤා පත්තු කළා, කිරිබත් කෑවා, කෑ ගැහුවා, කණගාටු වුණා ඒ සියල්ල දැන් ඉවරයි. දැන් දේශපාලන කුණාටු අවසන්. දැන් අපි වැඩ කරන්න පටන් ගන්න ඕනේ සමහර නිලධාරී හරියට වැඩ කරන්නේ ආණ්ඩු පෙරලියක් වුණා වගේ.
තිබුණේ ජනාධිපතිවරනය. මහ මැතිවරණය තියන්න තව කල් තියෙනවා. පළාත් සභාව වෙනස් වුණේ නෑ. තව අවුරුදු හතරක් මේ පළාත් සභාවේ බලය තිබෙන්නේ අපටයි. පළාත් පාලන විෂය අයිති වෙන්නේ පළාත් සභාවට. අපේ පළාත් සභාවේ බලය තව අවුරුදු 04 ක් අපටයි තිබෙන්නේ.
ඒ නිසා පළාත් පාලන ආයතන වල මහජන සේවය නිසි ලෙස පවත්වාගෙන යාම අපේ වගකීමක්. බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා විදියට ඒ වගකීම නිසි ලෙස ඉටු කරනවාදැයි සොයා බැලීම මට අයත් කාර්යයක්. ඒ නිසා දේශපාලනය අමතක කරලා පක්‍ෂ පාඨ, සලකුණු නොබලා අපි ජනතාවට සේවය කරමු.
දැන් තිබෙන්නේ අලූත් දේශපාලන සංස්කෘතියක්. අපි ඒකට හැඩ හැහෙන්න ඕනේ. ඒ දේශපාලන සංස්කෘතියට අනුව ඊට ගැළපෙන පරිදි කටයුතු කිරීම අපේ වගකීමක්. අලූත් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුව දින 100 වැඩ පිළිවෙලක් හදුන්වා දී තිබෙනවා.
එම වැඩපිලිවෙලට සහය දෙන්න පළාත් සභාවක් විදියට අපි තීරණය කරළ තියෙනවා. අපට අයත් පළාත් පාලන ආයතනත් ඒ අනුව දින 100 වැඩපිළිවෙලට සහය ලබා දෙන්න. ඉදිරියේදී පළාත් පාලන ආයතන මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිතුමත්, මුදල් අමාත්‍යවරයත් සමග සාකච්ඡ කරන්න බලාපොරොත්තු වෙනවා’
– ප‍්‍රදීප් අනුර කුමාර
Friday, January 30, 2015
පක්‍ෂ මාරු, ටයි පටි මාරු දේශපාලන කුණාටු ඉවරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment