ඇමැති පුතා හා රාජ්‍ය ඇමැති මස්සිනා පොරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

ඇමැති පුතා හා රාජ්‍ය ඇමැති මස්සිනා පොරයක්

ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා විසින් ධීවර අමාත්‍යාංශ සභාපති ධුරයට සිය පුත්‍රයා වන ඇන්ටනි පෙරේරා මහතාව  නම් කර ඇත. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි සිය මස්සිනා ද එම තනතුරට පත් කර තිබේ.

ධීවර අමාත්‍යාංශ සභාපතිධුරයට නම් දෙකක් එක්වර යෝජනා වීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණි. මේ අතර, දිලිප් වෙදආරච්චි විසින් නම් කර තිබූ ඔහුගේ මස්සිනා අඟහරුවාදා ධීවර සංස්ථාවට පැමිණ වැඩ භාරගෙන තිබුණි.

වැඩ භාර ගැනීමෙන්  පසුව නිල වාහනයද ගත් ඔහු ධීවර සංස්ථාවෙන් පිටත්ව යාම නිසා මෙම තත්ත්වය තවත් ගැටලුකාරී වී ඇත. කෙසේවුවද තමා අද පෙරවරු 10.30ට සභාපති ධුරයේ වැඩබාර ගන්න බව ඇන්ටනි ප්‍රනාන්දු මහතා පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad