විපක්‍ෂය එක් වේ.. ආණ්ඩුව නුලෙන් බේරේ.. තව පොඞ්ඩෙන් පළමු යෝජනාව පරාදයි.. පාර්ලිමේන්තුව විසුරුවන්න අගමැති් හිතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

විපක්‍ෂය එක් වේ.. ආණ්ඩුව නුලෙන් බේරේ.. තව පොඞ්ඩෙන් පළමු යෝජනාව පරාදයි.. පාර්ලිමේන්තුව විසුරුවන්න අගමැති් හිතයි..

අද දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්වයෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යයි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රි වරුන් සමඟ පවසා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඊට දැඩි විරෝධය පල කර ඇති දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ ඇතුළු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව විසින් ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් මෙසේ තීන්දු ගැනීම පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බව පෙන්වා දී ඇත.

එබැවින් අගවිනිසුරු මතබේදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස මෙම විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස දැඩි ලෙස ඉල්ලීම් කල නිසා අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු කල් දැමීමට කතානායකවරයාට සිදුවිය.

විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියද විවාදයක් සඳහා දිනයක් වෙන් නොවූ අතර ලබන පස්වෙනිදා පාර්ලිමේන්තුව යළි කැඳවීමටද විරෝධය පල කර ඇති විපක්‍ෂය දෙවෙනිදා කැඳවන ලෙස යෝජනා කර තිබේ. 

එහිදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්දමා ඇත්තේ නැවත කැඳවන දිනය සම්බන්ධයෙන් ස්ථිර අදහසකින් තොරවයි. ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුයේ නම් පැවති තත්වය අනුව විපක්‍ෂ යෝජනාව ජය ගැනීමේ වැඩි ඉඩකඩක්ද මතුව තිබින.

පාර්ලිමේන්තුවේ මතුවූ බලාපොරොත්තු නොවූ දැඩි විරෝධය හා විපක්‍ෂයේ අනපේක්‍ෂිත ඒකාබද්ද වීම හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් හා පවසා ඇත්තේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා ඉක්මන් මැතිවරණයකට යා යුතු බවකි.

අද පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට තිබූ යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පානදන සමබන්ධයෙන් වූ යෝජනාවද මෙම තත්වය මත අද දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad