හිටපු තැපැල්සේවා නියෝජ්‍ය අමාත්‍ය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාට, අමාත්‍ය ධූරය දරන සමයේ ලබා දී තිබූ නිල වාහන වලින් දෙකක් තවම භාරදී නැතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසනවා.
නවතම ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි (CAB-9854) ජීප් රථයක් සහ බී.එම්.ඩබ්ලිව් (KY-7563) මෝටර් රථයක් මෙසේ මන්ත්‍රීවරයා සතුව තවමත් ඇති බවයි වාර්තා වන්නේ.
කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් මෙම වාහන තව ටික කාලයක් ඔහුටම භාවිත කරන්නට ඉඩ දෙන්නැයි යහපාලන උදාකරන්නට මූලිකත්වය ගෙන කටයුතු කළ මන්ත්‍රී හිමිනමක් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට පවසා ඇතැයිද අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසනවා.
මේ දිනවල මන්ත්‍රීවරයා දිවයිනෙන් බැහැරව සිටින බවද වාර්ථා වේ.

No comments:
Post a Comment