ඇමරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයන් වල ඉලක්ක අපැහැදිලියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

ඇමරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයන් වල ඉලක්ක අපැහැදිලියි

ඇමරිකාව විසින් නියමු රහිත ඩ්‍රෝන යානා භාවිතයෙන් සිදුකරන ප‍්‍රහාරයන් එල්ලකරන්නේ එහි ඉලක්ක පිළිබඳ නිශ්චිත තහවුරුවකින් තොරව බව හිටපු ඩ්‍රෝන මෙහෙයුම් නිලධාරී බ‍්‍රැන්ඩන් බ‍්‍රයන්ට් පවසා ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය, ඉරාකය වැනි රටවල ඉලක්ක වලට බෝම්බ ප‍්‍රහාර එල්ල කෙරුණු ඇමරිකාවේ රහසිගත ඩ්‍රෝන මෙහෙයුම තුළ ඔහු වසර 5ක් පමණ සේවය කර ඇතැයි පැවසේ.

ඔහු පවසා ඇත්තේ මරා දමන පුද්ගලයින්ගේ අනන්‍යතාවය පිළිබඳ තහවුරුවක් නොමැති බවයි.  ඩ්‍රෝන ප‍්‍රහාර මෙහෙයවන්නන්ට පෙනෙන්නේ පුද්ගලයින්ගේ ඡයාවන් පමණක් බවත් ඔවුන් එම ඡයාවන් මරා දමන බවත් බ‍්‍රයන්ට් පවසා තිබේ.

ඒ පිළිබඳ කිසිදු විපරමක් සිදු නොවූ අතර සමස්ත වැඩසටහනම ගිලන් ව තිබූ බවද ඔහු හෙළි කර ඇත.  බ‍්‍රැන්ඩන් බ‍්‍රයන්ට් පවසා ඇත්තේ ඒ තුළ ක‍්‍රියාකරන පුද්ගලයින්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ජනතාව දැනගත යුතු බවයි.

2011දී සේවයෙන් සමුගත් ඔහු ඇමරිකානු ඩ්‍රෝන යානා ප‍්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වලින් සමාව ඉල්ලා සිටින ලදී. ඔහු පවසන ලද්දේ තමා මැදිහත්වී පුද්ගලයින් 1600ක් පමණ ඝාතනය කිරීම දරාගත නොහැකි කම්පනයක් වන බවයි.

සිදුවූ වරදට සමාව ඉල්ලා සිටි බ‍්‍රයන්ට් යළි එවැන්නක් සිදු නොවීමට කළ හැකි සියලූ දේ කරන බවටද ප‍්‍රතිඥාදී තිබේ.  2001 සිට ඇමරිකාව විසින් යේමනය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා සෝමාලියාව ආදී රටවල ඩ්‍රෝන ප‍්‍රහාර සිදුකර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad