රැස්වීම් කාමරයක් සහිත සුපිරි හෝටල් කාමරයක් ලෙස අභ්‍යන්තරය සකස් කරන ලද සුඛෝපභෝගී බස් රථයක් අද දින කිසිවකු විසින් විදේශ අමාත්‍යංශ වාහන අංගනයට ගෙන විත් දමාපළා යාමට උත්සහ ගෙන තිබෙනවා. පසුව එම පුද්ගලයන්ව විදෙශ අමාතයංශ ආරක්ෂක නිළධාරීන් විසින් අල්ලාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පසුගිය වසරේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජය නායක හමුවට ප්‍රභුවරුන් වෙනුවෙන් බස් රථ දෙකක් විදේශ අමාත්‍යංහය විසින් ලබා ගෙන තිබෙනවා.
ඒ වෙනත් පෞද්ගලික සමාගමකින් මාසික කුලි පදනම යටතේ ලබා ගෙන ඇති අතර මාසයකට රුපියල් ලක්ෂ 9 ගනනේ ලක්ෂ 18 ක් මේ වෙනුවෙන් ගෙවා තිබෙන බවත් හෙළිවනවා.
කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ බස් රථ දෙක එම පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසුව තිබුණේ කවර ස්ථනයකද කවරකු විසින් ඒ පාවිච්චිය සඳහා යොදාගෙන තිබුනේද යන්න රහසක් වූ නමුත් මේ වන විට අනාවරණය වන්නේ මේ එකක් නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ පවිච්චිය සඳහා යොදා ගත් බවයි.
අනෙක් බස් රථයට මේවන විට සිදුව ඇත්තේ කුමක් දැයි අනාවරණය නොවෙතත් මෙම බස් රථ ලබා ගැනීම හා ඒහි වාරික ගෙවීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ විදේශ අමාතංශයේ ඉහළ නිලධාරියකු වූ (chief protocol officer) මජින්ත ජයසිංහ මහතාය.
Friday, January 30, 2015
නාමල්ගේ ජංගම හෝටලය, වාහන අංගනයට ගෙනවිත් දමා පළා යද්දී මාට්ටු.
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment