පළමු වරට රික්තයක් තුළ ආලෝක කිරණයක වේගය අඩු කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ. මේ අනුව රික්තයක් තුළ ආලෝකයේ වේගය නියතයක් නොවන බව ඔවුන් විසින් පර්යේෂණාත්මක ඔප්පු කර තිබේ.
ආලෝකය තත්පරයට සැතපුම් 186,282ක විශ්මිත වේගයකින් ගමන් කරන අතර එය කුඩා ප‍්‍රමාණයකින් හෝ අඩු කිරීමට ජලය හෝ වීදුරු වැනි බාධකයක් අත්‍යවශ්‍ය වේ.
කෙසේවෙතත් ග්ලාස්ගෝ සහ හෙරියට්-වොට් විශ්වවිද්‍යාලවල පර්යේෂකයින් කණ්ඩායමක් මේ සඳහා ආලෝක කදම්බ වෙනුවට ක්වොන්ටම් තත්වයේ ෆෝටෝන අංශු භාවිතා කර ඇතැයි පැවසේ.
ඔවුන් විසින් නිර්මාණය කර ඇති ද්‍රව ස්ඵටික උපකරණයක් විසින් මෙම ෆෝටෝන අංශු වල හැඩයන් වෙනස් කිරීමට සමත්ව ඇත.
මෙලෙස වක‍්‍රතාවය වැඩි කළ ෆෝටෝන අංශු වඩා සෙමින් ගමන් කරන බව ඔවුන් විසින් තහවුරු කර ඇතැයි වාර්තා වේ.මහාචාර්ය මයිල්ස් පැජට්, ආචාර්ය ජැකලයින් රොමේරෝ සහ ආචාර්ය ඩැනියෙල් ගියෝවානිගේ කණ්ඩායම ග්ලාස්ගෝ පර්යේෂණාගාරය තුළ ෆෝටෝන දෙකක තරග පිටියක් මගින් මෙම සොයාගැනීම තහවුරු කර ඇත.
පළමු ෆෝටෝන කණ්ඩායම රික්තය තුළ නිර්බාධිතව යොමු කර ඇති අතර දෙවන කණ්ඩායම උපකරණය භාවිතයෙන් සකසා රික්තය හරහා යොමු කර තිබේ.
එහිදී පළමු ධාරාවට වඩා දෙවැන්න තත්පර 0.001ක් පසුපසින් තරගය නිමා කර ඇති අතර පරතරය කුඩා වුවද මෙය භෞතික විද්‍යාවේ විශාල ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.
Wednesday, January 28, 2015
පළමු වරට රික්තයක් තුළ ආලෝකයේ වේගය අඩු කර පෙන්වයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment