මොහාන් පීරිස්ට තර්ජනය කල කණ්ඩායමෙන් කොළඹ මහේස්ත‍්‍රාත්ටත් තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

මොහාන් පීරිස්ට තර්ජනය කල කණ්ඩායමෙන් කොළඹ මහේස්ත‍්‍රාත්ටත් තර්ජන

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට කාර්යාලයට පැමිණීම අවහිර කරමින්ද රාත‍්‍රීයේ ඔහුගේ නිවසට කඩා පැන තර්ජනය කරමින්ද කටයුතු කළ කණ්ඩායමේ කිහිප දෙනෙක් ඊයේ(29දා) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයකුට තම වැඩකටයුතු කරගෙන යාමට නොහැකි වන පරිදි බාධා කිරීම නිසා ඒ අධිකරණයේ කටයුතු නතර කිරීමට අදාළ මහේස්ත‍්‍රාත්වරයාට සිදුව ඇත.

මෙය සිදුව ඇත්තේ කොළඹ අලූත්කඬේ අංක 05 දරණ මහේස්ත‍්‍රාත් අධිකරණයේදීය. නීතිඥ පිරිසක් විසින් අදාළ මහේස්ත‍්‍රාත්වරයාට මෙසේ තර්ජනය කර ඇත්තේ එම මහේස්ත‍්‍රාත්වරයා විසින් ඉහත කී කණ්ඩායමේ නීතිඥවරයකු අධිකරණයේදී නොමනා ලෙස හැසිරීමට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙනි.

එම විනය ක‍්‍රියාමාර්ගය වහා නතර කරන ලෙසට බලපෑම් කරමින් පැමිණ සිටි ජනතාව ද හමුවේ මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කරමින් හා කෑකෝ ගසමින් හැසිරී ඇති මේ පිරිසගේ බලපෑම මත අවසානයේ අධිකරණයේ කටයුතු නතර කොට අධිකරණයෙන් පිටව යාමට අදාළ විනිසුරුවරයාට සිදුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad